ලංකාවේ සිංහලෙන් බ්ලොග් ලියන 500කටත් අධික දෙනෙක් අතරින් ලාබාලතම
බ්ලොග්කරුවෙක් විදියට බ්ලොග්කරණයට හා හා පුරා කියලා ගොඩ වදින්න
තීරණය කලා.6 වසරෙදි ආරම්භ කරපු මගේ පරිගනක ජීවිතයට අළුත් කොටසක්
එකතු වුණා කියලා හිතනවා. මම මුලින්ම බ්ලොග් පිටුවක් දැක්කේ බුධාජීව
අයියගේ බ්ලොග් අඩවියෙන්. එදා තමා මගේ පුංචි මොළේට බ්ලොග්කරනය ගැන
අදහසක් ආවේ.
********************************************************************************

මේ මම
එහෙනම් මම මගේ ගැන පොඩිඩක් කියන්නම්,
මගේ නම තමයි සිතිජ සහන් හසාර හේවාගමගේ. බුද්ධිමතුන්ගේ පාරාදීසිය වන මාතර දිස්ත්‍රික්කය මගේ උපන් ගම :-). මම ඉගෙන ගන්නේ මාතර රාහුල විද්‍යාලයේ (ඒ ගැන නම් කියන්න දෙයක් නෑ නෙ ලංකාවේ තියෙන සුපිරිම ගණයේ පාසලක් ). මට වයස අවුරැදු 13 යි. ඉපදුනේ 1996 10 13 දින. මගේ ආසම විනෝදාංශය Visual Basic මගින් පරිගනක මෘදුකාංග සැකසීමයි. ප්‍රියතම විෂයයන් නම් ගොඩක් තියෙනව ගණිතය සිංහල ඉංග්‍රීසි ඒ අතරින් සුවිශේෂ යි. බොරැ කියන්න ඕනෙ නෑනේ ඉතිහාසය සහ භූ ගෝලය නම් මට අරහං.
පුංචි කාලෙ මුලින්ම ( තාමත් පුංචියි තමයි ) පරිගනකයන් ඇල්ලුවේ තාත්තගේ ඉස්කෝලෙ කාර්යාලයෙදී. ඒක නම් කබලක්.
පරිගනක ගැන මෙලෝ හසරක් නොදැන 2007 දී ගත්ත ආරම්භය බ්ලොග්කරණට දක්වාම දුර ගිය එක ගැන අවංකවම
සතුටු වෙනවා. අනාගතයේ දී පරිගනක ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න හොඳ බලාපොරොත්තුවක් තියෙනවා. පුංචි කාලේ ඉඳලා
සිංහල භාෂාව එක්ක ජීවිතේ ගොඩක් සමීප උනා ( මගේ පියා ලංකාවේ ප්‍රවීන ගීත රචකයෙක් ඔහුගෙන් අපේ භාෂාව වගේම සාහිත්‍යය එක්ක එකතු වුණු වටපිටාවක් පොඩි කාලෙ ඉඳන්ම ගෙදර තිබුණ ඒ ගැන ඉදිරියට කියන්නම්). ඉතිං ඒ හැම දෙයක්ම උදව්වට අරගෙන සිංහලෙන් බ්ලොග් ලියන්න එකතු වුණු එක හොඳ තීරණයක් කියල හිතනව. හැම දෙයක්ම ගැන කුතුහලයක් දැනෙන කාලෙට අපේ අදහස් අනිත් අයත් එක්ක බෙදා හදාගන්න මේක හොඳ ක්‍රමයක් වේවි. මට වඩා ගොඩක් වැඩිමල් සහෝදර බ්ලොග්කරැවන් වයස ප්‍රශ්නයක් නොකර බොක්කෙන් උදව් කරයි කියල බලාපොරොත්තු වෙනව. මේ පුංවි ආධුනික බ්ලොග්කරැවාට පුර්න සහයෝගය දෙන්න ( අහිංසක ඉල්ලීමක් ) ස්තුතියි.


unless you can see any text here, please download sinhala unicode. 
Comments